⋆⋆⋆ අභියාචනයක් ⋆⋆⋆⋆⋆⋆⋆⋆
අභියාචනයක් පිළිගන්වන්නට අවසර බඹදත් මහ රජුනේ
දික්තලාගෙ හද දිනු දික්පිටියා මම වෙමි බඹදත් මහ රජුනේ
කාල ගෝල බැල මෙහෙවර කෙරුවට - ඇය නැත ඔහු වෙත පෙම් බැන්දේ
රහසේ ඇය මට බහ දුන් හින්දයි - ඔහු හැර යන්නට එකඟ වුණේ
මුලා කිරීමක් පැහැර ගැනීමක් කර නැත මා නම් මහ රජුනේ
අභියාචනයක් ...........
යුක්තිය පසිඳන ඔබෙ මහ පඬිවරු - හඳුනන්නේ නැත පෙමක අගේ
සත් වසරක් තුල ඔහු කළ මෙහෙයට - දෙන්නම් මුලු සේසතම මගේ
අවසර දෙනු මැන ඇගෙ අත ගන්නට සලකා අභියාචනය මගේ
අභියාචනයක් ...........
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීත නිර්මාණය: චික්ටර් රත්නායක
ගායනය: චික්ටර් රත්නායක
Lyrics: K. D. K. Dharmawardhana
Music: Victor Rathnayake
Artist: Victor Rathnayake
No comments:
Post a Comment