Friday, October 18, 2019

ANDURA IRA by Clarence Wijewardhana


Clarence Wijewardhana


⋆⋆⋆ අඳුර ඉරා ⋆⋆⋆⋆⋆⋆⋆ අඳුර ඉරා සඳ මිණි මේලාවේ - පබළු ගලා ඉහිරුණු වේලාවේ කඳුළ පුරා අමරස වෑහීලා - බිඳුන සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝණඳුරු සීමාවේ - සතුට රැඳේ මධු මත් මායාවේ මනස නිවී සැනහෙන හෝරාවේ - දසත නැගේ හසරැල් ගී රාවේ අඳුර ඉරා සඳ මිණි මේලාවේ - පබළු ගලා ඉහිරුණු වේලාවේ සොඳුරු රැයේ බොඳ වුණු ඡායාවේ - එළිය නිවේ ඇගෙ රූ සේයාවේ දැහැන බැඳේ සිතුවිලි මාලාවේ - කැකුළු පිපේ මදහස රේඛාවේ අඳුර ඉරා ............. පද සංකල්පනාව: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment