Wednesday, October 9, 2019

PEM KEKULA PIPEE by H.R.Jothipala with Latha Walpola


H. R. Jothipala

Latha Walpola


⋆⋆⋆ පෙම් කැකුළ පිපී ⋆⋆⋆⋆⋆⋆ පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා මා හෙලා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ බොහො කෘරයි අහෝ ලොව ධර්මේ මිල කළේ ඇයිද ඔබ ප්‍රේමේ මා ප්‍රියඹ සුදෝ ඔබ තනි කරදා මට යන්ට වුණේ මා දුගී නිසයි මේ සමාජේ - මේ සමාජේ ඔබෙ බිළිඳා මා තුරුලෙ හොවාලා නලවන්ටයි මා උන්නෙ බල බලා මේ පැතුම මෙමා හද පතුලෙ නැගී අද නිසරු වුණේ කෘර වූ නිසයි මේ සමාජේ - මේ සමාජේ හද පායා සුනීල වු අඹරේ ගිළුනා සේ වළාකුලු අඳුරේ අප හදෙහි නැගී පෙම් මෙලෙස ගියා අඳුරෙහි ගිළුනා නිශ්ඵලයි ජීවත් වීම ලෝකේ - දුෂ්ඨ ලෝකේ පෙම් කැකුළ පිපී ................ පද සංකල්පනාව: ආනන්ද සමරකෝන් සංගීත නිර්මාණය: එස්. දක්ෂිනමූර්ති ගායනය: ලතා වල්පොල සමග එච්. ආර්. ජෝතිපාල මුල් සිංහල ගායනය 1955 වසරේ තිරගත වූ “සැඩ සුළං” චිත්‍රපටයට ජමුනා රාණි සමග ඒ. එම්. රාජා විසින් ගයන ලදී. Lyrics: Ananda Samarakoon Music: S. Dakshina Murthi Artist: Latha Walpola with H. R. Jothipala First Version sung by Jamuna Rani with A. M. Rajah Film: Sada Sulan (1955)

No comments:

Post a Comment