Monday, October 7, 2019

WESAK KEKULU by Indrani Wijebandara | වෙසක් කැකුළු - ඉන්ද්‍රානි විජේබණ්ඩාර


෴෴෴ වෙසක් කැකුළු ෴෴෴ (වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ ඉරෙත් සඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ) // පියලි සලාලා රේණු හලාලා සුවඳ උරා සිසිල් සුළං හමන්නේ (ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ) // (දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ) // ටිං ටිං සද්දේ ඒ මැද ඇත්තේ ගම වටකර කුරුළු ගීත ඇසෙන්නේ (ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ) // (කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ) // ගීත ගයන්නේ ගයා නටන්නේ කොලු කෙලි පොදි ගී ගයමින් නටන්නේ (ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ) // (වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ ඉරෙත් සඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ) // පද රචනය: මර්සලීන් ජයකොඩි පියතුමා සංගීත නිර්මාණය: බී. එස්. පෙරේරා තනුව: සුනිල් ශාන්ත ගායනය: ඉන්ද්‍රානි විජේබණ්ඩාර චිත්‍රපටය: රේඛාව (1956) Lyrics: Fr. Merceline Jayakody Music: B. S. Perera Melody: Sunil Shantha Artist: Indrani Wijebandara Film: Rekhawa (1956)

No comments:

Post a Comment