Sunday, October 6, 2019

MATHAKAYA ASURIN (AMMA) by Indrani Perera


Indrani Perera




2.53K subscribers

෴෴෴ මතකය ඇසුරින් ෴෴෴ මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමී අම්මා අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඩනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී අම්මා අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Indrani Perera

No comments:

Post a Comment