Monday, October 7, 2019

SAYURA WETHA YANA by Sisira Senarathne


Sisira Senarathne & Indrani Wijebandara



2.52K subscribers

⋆⋆⋆ සයුර වෙත යන ⋆⋆⋆⋆⋆⋆ සයුර වෙත යන ගඟ පරිද්දෙන් වියළි ගොඩ බිම සැරි සරා රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විඳ එමි ඔබ කරා රැය දවල් දෙක එකසෙ සළකා රිසි විටෙක එනු මැන පියේ අතු පැලෙහි දොර වසා තිබුණත් මගේ හදවත ඉඩ තියේ දෙපා ඔසවා මග ගෙවාගෙන එද්දි සියොලඟ සලිත වේ සිනාසෙනු මැන එවිට වෙහෙසද සමග ලය සෝ දුක නිවේ නුවන් දහසක් අතර මැදි වී හස නගන්නට බිය වෙමී පෙමින් තෙත් වුණු සුමුදු පියකරු හදවතින් මම හිනැහෙමී සයුර වෙත යන ගඟ පරිද්දෙන් වියළි ගොඩ බිම සැරි සරා රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විඳ එමි ඔබ කරා අයස යස හෝ ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ අහස ඔබෙ හිස සඳය ඔබෙ වත තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ තිබේ පියකරු දසුන් අපමණ අනන්තයටම මෙදියතේ ඔබේ හදවත තරම් ලස්සණ හදවතක් මා දැක නැතේ සයුර වෙත යන ................ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: සිසිර සේනාරත්න ගායනය: සිසිර සේනාරත්න සමග ඉන්ද්‍රානි විජේබණ්ඩාර Lyrics: Karunarathne Abeysekara Music: Sisira Senarathne Artist: Sisira Senarathne with Indrani Wijebandara

No comments:

Post a Comment